නිර්මාතෘගේ සටහන - ජීවිත බේරා ගැනීමේ පුද්ගලික මෙහෙවරක්
ආයුබෝවන්, මම ශකුන් කෲස්, මේ මෙහෙවර මට හරිම පෞද්ගලිකයි.
මගේ ප්‍රථමාධාර ගමන ආරම්භ වුණේ 2004 දී මම ජාත්‍යන්තර මානුෂීය සංවිධානයකට ප්‍රථමාධාරකරුවෙකු ලෙස සම්බන්ධ වී, ශ්‍රී ලංකාවේ සුනාමියෙන් විනාශ වූ ප්‍රජාවන් සමඟ වැඩ කිරීම ආරම්භ කිරීමත් සමගයි. ජීවිත බේරා ගැනීමේදී ප්‍රථමාධාරයේ බලය සහ කුමක් කළ යුතු දැයි නොදැන සිටීමේ ඛේදවාචකය දැකීමෙන් මගේ ජීවිතය සදහටම වෙනස් විය.
වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගෙන, මම ප්‍රථමාධාර ඉගෙනීමට සහ ඉගැන්වීමට කැපවී, අවසානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර පුහුණුකරුවෙකු බවට පත් වුණා. පසුගිය වසර 16 තුළ, මම ප්‍රථමාධාර පුහුණු සැසි 2,300 කට වඩා පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 60,000 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වී තිබෙනවා. නමුත් මෙම උත්සාහයන් නොතකා, යමක අඩුවක් තිබෙන බව මට වැටහුණා.
ප්‍රථමාධාර දැනුම අවශ්‍ය බොහෝ දෙනෙකුට - ග්‍රාමීය ප්‍රජාවන්, කුඩා ව්‍යාපාර, පාසල් සහ නිවාසවල - කිසි විටෙකත් පුහුණුවක් නොලැබුණි. ආයතනික සේවා ස්ථාන මෙන් නොව, ඔවුන්ට වෛද්‍ය සහායක්, හදිසි ප්‍රතිචාර දක්වන්නන් සහ බොහෝ විට පුහුණුව ලබා ගැනීමට ගෙවීමක් කිරීමට ක්‍රමයක් නොතිබුණි.
මගේ වෘත්තීය ජීවිතය පුරාම, මම හද කම්පා කරවන කතා ඕනෑතරම් අසා ඇත්තෙමි. දරුවන් අහිමි වූ දෙමාපියන්, දෙමාපියන් අහිමි වූ දරුවන් සහ ආදරණීයයන් මිය යන විට අසරණව බලා සිටි අය - ඔවුන් CPR හෝ මූලික ප්‍රථමාධාර නොදැන සිටි නිසා. බොහෝ දෙනෙක් මට කිව්වා, "අපිට කළ යුතු මූලික දේ හෝ දැන සිටියා නම්, අපට ඔවුන්ව බේරා ගත හැකිව තිබුණා."
ඒ නිසා මම ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය නොසලකා සෑම කෙනෙකුටම ජීවිතාරක්ෂක ප්‍රථමාධාර කුසලතා ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා Learn.Act.Save වැඩසටහන ආරම්භ කළා.
මෙම මෙහෙයුම ප්‍රජා සහයෝගය මත ගොඩනගා ඇත. ශ්‍රී ලංකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබට පහත සඳහන් දෑ මගින් උදව් කළ හැකිය:
✔ ඔබේ ප්‍රජාව තුළ නොමිලේ CPR දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කිරීම
✔ ප්‍රවාහනය, සැපයුම් හෝ පුහුණු අවකාශයන් සැපයීම මගින් අපගේ ස්වේච්ඡා පුහුණුකරුවන්ට සහාය වීම.
✔ CPR මැනිකින් හෝ බහුමාධ්‍ය මෙවලම් වැනි පුහුණු උපකරණ සැපයීම
✔ ව්‍යාපාර සහ ආයතන අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දිරිමත් කිරීම, ප්‍රථමාධාර සංවිධානවලට තාක්ෂණික සහාය, උපකරණ හෝ සහතික ලබා දිය හැකිය.
එක්ව, හදිසි තත්වයකදී කිර්යත්මක නොවීම හේතුවෙන් කිසිදු ජීවිතයක් අහිමි නොවන ජාතියක් අපට ගොඩනගා ගත හැකිය. මෙම මෙහෙයුමට මා හා එක්වන්න, වෙනසක් කරමු - වරකට එක් පුහුණු ප්‍රතිචාර දක්වන්නෙකු බිහිකරමු.
ශකුන් කෲස්
නිර්මාතෘ,
Learn.Act.Save